Saturday, April 5, 2014



වරුෂයක්ගෙවී නව වරුෂයකට පා තබන මොහොතක මුල් කොටගෙන මේ සීහල දීපේ කොයි කවුරුත් එක් පවත්වන ජාතික මහෝත්සවය අලුත් අවුරුදු මංගල්යයයි. අපේ සිරිත් විරිත්, ගුණදම්, ඇවතුම් පැවතුම් කෙළි කවට සිනා සියල්ල සිහිගන්වමින්, පුහුණුකරවා මතු පරපුරට භාර කරවන එකම අවස්ථාව උදා වන්නේද මෙදිනයි. අපේ ඇත්තන් මෙය වර්ෂ අවසානයේ පවත්වන නිසාම "කෝණ මංගල්යය" යයිද පවසති. රෙදි (කෝණම්) අලුතින් ඇඳ පැළඳීම හා වැඩිහිටි දැකුම් පඬුරු ලෙස පිදීම මෙසේ නම් කිරීමට තවත් හේතුවකි. සූරිය දෙයියා ඉද්ද ගැහු ලෙසින් ඉසට මුදුන් වන නිසා ඉරු මංගල්ලේ (සූරිය මංගල්ලේ) යයිද කියති. බක්මහ මේ අවධියේ පුරන හෙයින් බක්මහ උළෙල යයි පවසති. ගොයිතැනේ අද අස්වනුවලින් අටුකොටු පිරීම නිමිති කොටගෙනම හැමගේ සිත් මෙකල සතුටට පත්වේ. මොන නැති බැරිකම් තිබුණත් එදා දවස නැති අඩේ නොකියා ගත කිරීමට හැමෝම සූදානම් වෙති. අවුරුදු (උෂ්ණය) ග්රීස්මෙ උඩබිම් ඉන්ට බැරි ගානට පායන්නේද මෙකලදීය. බැලු බැල්මටම වැව් බැඳී රටේ අපේ ඇත්තන් මේ හා කෙරෙන දේ තුන් ආකාරයකට පංගු කර ඉෂ්ඨ සිද්ධ කර ගනිති. පෙර අවුරුදු කාරිය, අවුරුදු දා කාරි සහ පහු අවුරුදු සිරිත් වශයෙනි.

දරා පලබරව බක්මහ පුරාලා
පුරා ඡේරුවට පට කෝණම් ඇඳලා
නුරා බැලුම් හී සැර දඟ කැවීලා
පුරා කෙළි කෙළති නාඹර ලියො එකලා 

යනුවෙන් රාගන් කීවේ නිසාමය. මේ තුන් කාරියන් අතුරින් අවුරුදු දා කෙරෙන කාරිය පංගුව ජ්යෙdතිෂ නැකැත් අනුව කෙරෙති. වැඩ අත්හැරීම, ළිප ගිනි මෙලවීම, ගනුදෙනු කිරීම, අහර ගැනීම, ඥති හමුවීම ආදිය ඊට අයත්ය. ආගමික වතාව කෙරුණේ පුණ් කාලේදීය. 





අපේ පෙර අවුරුදු සිරිත් පුරන්නේ මහ අස්වනු නෙලීමත් සමගයි. මුල් බැතෙන් වෙන් කරගත් (අක්යාල) පංගුවෙන් කමතේ කිරි උතුරුවයි. තටු පුදයි. ගොවිපළේ ආරක්ෂාවට තැබූ (මුත්තා පොලේ) බාරය මෙසේ හමාර කරයි. කෝණ කුරුල්ලා හඬා වැටෙන කොටම බැතේ කාරිය අවසන් වුණත් නූනත් (අගසස්අගහස්, අලුත් සහල් මංගල්ලේ) මුල් කරල් අත සූරා ලබාගත් සහලින් හෝ ඉටු කළහ. "තෙල් පැණි ඇත්තන් කැවුන්ද පංචන්" කීවත් අවුරුදු කැවිලිවලට පිටි කෙටීමේ අවසර ලැබෙන්නේ මේ දාන මාන පිරිනැමීමෙන් පසුය. අපේ අපුච්චලා කියා දුන්නේ අලුත් අස්වැන්නේ අග් භාගය බුදුන්, දෙවියන්, ඉෂ්ට දේවතාවුන්ට පුදා පිං රැස්කර ගන්නා තුරු හාටගෙඩියක්දතෙන් හැපීමත් තහනම් බවයි. අපේ අවුරුදු සිරිත් තුළින් කළගුණ සැලකීම එකමුතුකම හා හිතේ සතුට (මානසික ප්රබෝධය) ඇති විය. මේ නිසාම තම තමුන්ගේ ජීවනෝපාය සලසාගත් වෘත්තීන් මුල් කොටද පෙර අවුරුදු සිරිත් තිබුණි. වෛද්යවරු තෙල්, බෙහෙත් හා පුස්තකයන් යහන්ගත කර පොත්ගුල් රාජකාරිය (බත් මාලාව) නම් ශාන්ති කර්මය කොට (වැඩිහිටි, ගුරු, මව්පියන්ට පින්පෙත් පැමිණ විය. ගම් මට්ටමේ මෙන්ම රට පුරා ඇති දේවාලවලද කටයුතු පෙර අවුරුද්දේ දී අත්හිටුවිය නැවත ඒවා විවෘත කෙරුණේ පසු අවුරුදු සිරිතක්වූ හිසතෙල් ගෑමේ මංගල්යයෙන් පසු නානුමුර මංගල්ලා කිරීමෙන් පසුය


සූරිය මංගලේ බොහෝ සිරිත් ගිනි හා බැඳී ඇත. පහන් දැල්වීම, ලිප ගිනි මෙලවීම මුළු රටම එකවිටම අවුරුදු දා කරන්නේද නිසාමය. මේ සඳහා සූදානම් වීම පෙර අවුරුදු සිරිතකි. "ගිනි" ඉල්ලීම අනිෂ්ටයකි. බක්මහ වරුෂාවට කලින්ම ගෙදර ඇති දරමිටි පොළව හතර පොළෙන් බැඳුන දරමිටි හතක්වත් ගෙනත් තබති. හේන් කුඹුරුවල වැඩපළට යන එන ගමන්වල දී හා සඳහාම දර කැලේ යැම ගෑණු ඇත්තන් කාණ් හැදී කළෝය. ඔවුන් එය "ඉර දෙයියා ගෙටම වඩා හිඳවා ගත්තා කල්පුර ඇතිව යයි දැක්වූවෝය. අලුත් ලිප් ගල් වළලා ගොම මැටි ගා මුළුතැන්ගෙයද කල් ඇතිව සූදානම් කර ගනී. එතැන කිසි විටක වෙනස්නොකළ දුම්මැස් යට තනා ගත් පැළපදියම් "තාවර" ලිපද, ඕනෑ විටක ගල් උස්සා වෙනස්කරගත හැකි "තුන් ගල ලිප" මුල් ලිප්වලට එක කලක්පමණක්එකතු කරගත් දුතු ලිප" සාදා ගත්තේය. අවුරුදු දිනට පෙර දින "පරණ අවුරුදු දා " "අලු මුත්තා පිදුම"(මීදුම් අම්මා) පිදුම නම් සිරිතක ලේ වැඩ අතහැරීමේ නැකතටය. ලිපේ අලු අතුකොටයකින් කුල්ලට අතු ගා අතුකොටය සමග ගෙවත්තෙන් පිටත තබා වරුෂය පුරා ගිනි අවුලවීමෙන් යම් දොසක්ඇතිවී තිබුණේ නම් සියල්ල මෙයින්ම පහ කරගති. නැකතට අවුල වන ලිප වරුෂය පුරා නොනිමා "අලුයට ගිනි" තබා ගැනීමද උතුම් සිරිතකි. 


අපේ කොටුගම්වල ඇත්තෝ අවුරුදු සිරිතක්ලෙසින් එදවස තුළදී කිසිවක් තවත් ගෙයකින් නොඉල්ලීමට වග බලා ගති. කෑම බීම්, ඇඳුම් පැළඳුම්, උපකරණ මෙවලම් සියල්ලම අලුතින් රැස්කර ගති. වළං මුට්ටි, හට්ටි පමණක්නොව පැදුරු මාගල් වට්ටි, පෙට්ටි, අතුල් පත් අලුත් කිරීමද "කපු පන්නන් පිරිමැහුම්" චාරිත්රය ලෙසින් තිබුණි. නාඹර ගැටිස්සියන් හා මව්වරුන් අවුරුදු නැකතට පෙර මේවා කිරීමට වගබලා ගත්හ. නොයෙකුත් අලංකරණ රටා දමා කල මේ පන්නන් වියමන්වලින් ගෙදර යන එන්නන්ට ගෙයි ඉන්නා දූවරුන්ගේ හපන්කම්ද ඉඟි පෑවේය. තමාගේ නිවහන (ගේ කූඩුව) මාළිගාවක්හෝ කුඩා කුච්චල් පැල්පතක්වුවද කඩතොලු අකාමකා වහළ අලුත්වැඩියා කිරීමද පෙර අවුරුදු සිරිතකි. බොහෝ විට වහළ නැවුම් පිදුරු පොල් අතු තල අතුවලින් හෙවිලි කිරීමත්, ගෙබිම ගොම මැටි ගෑම දෙවරක්වත් කිරීමත් සිදුවිය. රතු හුඹස්මැටි හා මකුළුවලින් ගා බිත්ති හැඩ කරති. බිත්ති ඉඳි අතු හැඩේට ගෑවේය. ඉඳි අත්ත මුලින් කෙළින් වුවද අතු අගට වන විට දේදුනු හැඩ ගනී. පොළවට බර මේ වැටෙන වැහි බිඳු කොළ අගින්ම බිමට රූරා වැටේ. මීට දේව බැල්ම ඇතැයි විශ්වාසයක් පවතී, මේ නිසා ගෙට එන වස්දොස්, ඇස්වහ, කටවහ, හෝවහ, අඬවැඩියා, පොළවට වැටී පහවන බව විශ්වාස කරති. සමහරු ඉඳිපිටියෙන් ඉඳි අතු කපා ගෙනවිත් අමුමැටි බිත්තියේ ඔබා මේ රටා මතු කර ගත්තෝය.

ගෙබිම ගොම කෑම නැකතකට කළේය. එය ශුභයකි. නැතහොත් වරිගයම "ගොම ගෑවිලා අතු ගෑවිලා" විනාශ විය හැකි යයි සිතකි. කලු වර්ණ ගැනීමට අඟුරු කුඩු එකතු කරති. දැන් කාලේ මීට ටෝච් බැටරි කුඩු එක්කළහ. කදුරු දර අඟුරු එකතු කළේ වේ, කුහුඹු හානි පත්වීම් වළකා ගන්ටය. ගොම ගෑමේ අනුපිළිවෙළක්විය. තිඹිරි ගේ (වැදුම් ගේ) මුළුතැන්ගේ, මහ ගෙවල්, උස්පිල, වට පිලද, ගාගෙන අවසානයට "හේලන් කඩ" ගෙට පිවිසුම ගෑවේය. එදින රාත්රී නිතර නොයෙක්දෙනාගේ පය ගැටීමෙන්ද ගෙයි කුණු එළියට වැටීමෙන් හතුරෝ පය පෑගීමට හේලන්කඩයට කළ අණවින හුනියම් දෝස පහ කිරීමටද "හේලන්කඩ පහන" දැල්විය. උස්පිලේ තැබූ මේ පහන් ආලෝක හේලන්කඩට වැටුණි. මෙය පැණ "හේලන්කඩයා" නම් නපුරු යකාට ගෙට ඇතුල් විය නොහැකි යයි අපේ ඇත්තන් විශ්වාස කළෝය. මෙය බැලු බැල්මටම යහපතකි. අලුතින් මැටි ගා ඇති ගෙට ගොඩ වන්නාට කල්තබා දැනුම්දීමකි. සීතල නිසා රාත්රියේ දී සතා පරුෂයෙක්රූටා ආවත් පහන් ආලෝකයෙන් පෙනේ.

පැලක්වැඩ ගමන් තිබුණත් අපමන, අවුරුදු පුරලයි දැනගන්නේ
පිලත් ගෙබිම වට මහ ගේ ගාගෙන හේලංකඩ පහනයි දෙන්නේ
නැකත් බලාගෙන දර දිය ඇදලා කෝණම් ඇඳගෙන හැඩ වෙන්නේ
මෙදත් සිරිත් රැක ලිප ගිනි මොළවා ගනුදෙනු කරලයි වළඳන්නේ"

පෙර අවුරුද්දේ උතුම් සිරිතකි මාපිය ගුරු දෙගුරුන් බැහැ දැකීමට නෑ හේත්තුවේ යන ගමන බින්නෙට හා දීගෙට ගමකින් ගමකට දරුවන් මේ ගමන නිසැකවම ගියෝය. කැවිලි පෙවිලි රස මසු රඹ දෙමාපියන්ට ඇඳුම් (කෝණ) ආයිත්තම්ද කොපමණ මුල් ගෙවල් සරු වුණත්, හාල් පොල් තුනපහේද, පෙරකල මේ ගමනට ගෙන ගියෝය. අවුරුදු කන්නට ගිය දරු මුණුබුරු මිණිබිරියන් ආපසු ආවේ ගමේ වැඩිහිටි මව්පියන් බැහැ දැකය. බුලත් හුරුළු දී දෙපතුල් තෙල් ගා නවපොල බිම ඇන පව් අර සමාකර ආශිරිවාද ලැබුයේද මේ ගමනේදීය. මේ අයුරින්ම අවුරුදු පිරුණ පසු තමන් ජීවත් වන ගමේ පන්සලේ නායක හාමුදුරුවන් වහන්සේද, ශිල්ප ශාස්තර දුන් ගුරුන්ද වෙද රාල උත්තමයාද නිලකම් කළෝද වරිග ප්රධාන සකියෝද, උපදෙස්දුන් වැඩිහිටි දෙහෙට්ටියෝද පුදනු ලැබූහ. මේ සිරිත් කුල කුස හා ඉස්(මනස) රැකගත් කායයි ගමේ පැරැන්නෝ අදත් පවසති.

අවුරුදු දා සිරිත්වල එකතු වූ වැදගත්ම අංගය නම් කෙළි සෙල්ලම්ය. ලෝ දහමට අනුව වෘත්තීය ක්රියා තුළින් ක්රීඩා බිහිවී ඇත. වෛද් ශාස්ත්රයට අනුව ජීවියා වැඩීමට ව්යායාම හා විශ්රාමය අවශ් වේ. මේ දෙකම (පිටියේ හා ගෘහීය) ලෙස අපේ සිහල අවුරුදු උළෙලවල පැවතුණි. පිලා පැදීම්, ජල පිහිණුම්, කරණම් (කොන්ඩා රුම්) ගුඩු, තාච්චි, එළුවන් කෑම, හැංගිමුත්තන්, පොර පොල්, අංකෙළි, දියගොඩ පැන්නුම්, බඹර කෙටවීම, ගුඩු ගැහීම, ලී හරඹ ආදී වෙහෙසකර ක්රීඩා රාශියක් ඇත. මේවාට අවශ් මෙවලම් කල් ඇතිව පෙර අවුරුදු කාලේ සොයා සපයාගති. ඔංචිල්ලා බැඳ ගත්තේද මේ සමයේදීය.

"
උඩ යන රවුමට පපුවයි දන්නේ
පාතට එන කොට නිවිලයි එන්නේ
පොල්ලක්පැන්නට බය නොසිතන්නේ
පත්තිනි දෙවිඳුට පිං දීපන්නේ...."

බොහෝ ක්රීඩා සමග කවි සින්දු රාගත් කියවුණි. දේව ඇදහිලි ආරක්ෂාව තිබුණි. ශාන්ති කර්ම ලෙසද (පොර පොල්, අංකෙලි, අංගම් කෙළි) කෙරී ඇත. මොළය වෙහෙසා ඥණය වඩවන පංචකෙළි, චතුරංග කෙළිය, ඔලිඳ, දාදුකෙළි ආදී තවත් දේ තිබුණි. දහඅට දහනවය කාලේ වන විට හුදු කුට්ටම් ක්රීඩාද එක්වී තිබේ. තහනම් හූදු පිටිද අපේ ගම්වල අවුරුදු කාලවලදී කල එළි බසී. සමහර විටෙක දී අශුභ ක්රීඩාවක්කළ කෝලාහලවලින් කෙළවර වූ අවස්ථාද නැත්තේ නොවේ. අවුරුදු කාලය කෙළි කවට සිනා උපදවන තෝතැන්නකි. අපි කුඩා කාලේ ගමේ මහ ගෙදර, නැත්නම් ගම්මැද්දේ මහ මිදුලේ තරුණ මහලු කවුරුත් එක හමුඩු විය. තරගයට රබන් ගැහුම, කවි, සින්දු, තේරවිලි කීම, දඟ ගැට ලිහීම බඹර කෙටීම, ගල් කෙටීම එතැන සිදු විය. ඇත්නන්ට බොහේ විට තෑගිබෝග ලෙස ලැබුණේද කැවිලි පෙවිලි ඇඳුම් (කෝණම්) . ඒවා ගම්මු හෝ නිලමක්කාර ඇත්තෝ තෑගි කළෝය. මේ අතරට කොලු කෙල්ලියන්ගේ ආලවන්තකම් හෙළි පෙහෙළිවීම්ද, ඒවා දළුලා මෝදු වීමද සිදුවිය. වැඩිහිටියෝ මෙතැනදී තම පුරාඡේරු හපන්කම් රසකර කීහ. පහු අවුරුද්දේ කරගත් මරිමෝඩකම් අතපසු වීම් ගැන පසුතැවිලි විය. දැනුමුත්තෝ ඔවුන් අස්වසා ලූහ. 




පුරාණ ගම්වල තොවිල් පවිල්වල නියලුණු ඇත්තන්ට නියමිත වරප්රසාද ගෙවීම ලැබුණේද මේ කාලයේදීය. රිදී නැන්දලා පිලී සෝදා කිලි මංගල්ලා (දරු උපත්, ගැහැණු දරුවන් වැඩිවියට පත්වීම, විවාහ මංගල හා මළ අවංමගල) වලදී සහය වූ වරිගවරුය. ඔවුන්ට ගෙදරට අවශ් සියලු දේ අවුරුද්දට පෙර සැපයූහ. නවසිය පනස්ගණන් වන තුරුම ඇත්තන් ගම්වලට පැමිණ පිටව ගියේ බාන බැඳි කරත්ත දෙක තුනක්ඒවා පුරවාගෙනය. අද මේ සියල්ල යන්ත් සූත් මෙවලම්වලින් තමුන්ම කරගනී. එසේ බැරිවූ දේටද ගෙවීම් කරනුයේ මුදල්වලිනි.

අලුත් අවුරුදු සිරිත් නිමවීම හිස තෙල් ගාන මංගල්යයෙන් නිල වශයෙන් නිමවෙයි. මේ කාරියෙන් අට අනුවක්රෝගද දෙසිය තුනක්ආන්තරාවන්ද විද්වංශනය කෙරෙති. බොහෝ විට නියමිත කොළ යුෂ ඖෂධ ගෙන මෙම කාරිය ශාන්තිවාදී අතකින් හිස මත නැකතට ශුභ දිසා බලා සිදු කරති. ගමේ දී පන්සලේ නායක හිමිපාණන් විසින් හෝ වෙද අත්තා වැනි නිරෝගී වැඩිහිsටියකු ඉෂ්ට සිද්ධ කරති. අවුරුදු දා මෙන්ම නක්ෂත්රානුකූලව සූරියා මීන රාශියෙන් මේසයට එන මොහොතේ ඇඳ පැළඳිය යුතු වර්ණයෙන් සැරසී රැකියාවන්ට පිටත් වන්නේද පසු අවුරුදු සිරිතක්ලෙසින්ය.

අවුරුදු දා සිරිතක්ලෙස අසල්වාසි ඥති, මිත් හිතවත් ගෙවල් අතර රසකැවිලි ආහාරපාන හුවමාරු වෙයි. විවිධ ව්යංජනද බෙදා හදාගනී. මේවා ගෙන ගිය මෙවලම් ඉතිරිව ඇත්නම් පසු අවුරුදු කාලයේ දී වුවද හිස්බඳුන් නොදේ. ඊට හරවත් යමක්පුරවා දීමද පසු අවුරුදු සිරිතකි.




මාමිනියාවේ ඉලංගසිංහ .පී.බී.
Divaina 10-04-2011  වෙතින් උපුටා ගත්තකි.